මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප‍්‍රසිද්ධියට පත්විය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති ආයතනය එම තොරතුරු ලබා ගත හැකිවිය. ඇමෙරිකා හමුදා අතර හුවමාරුවූ විද්යුත් ලිපි (ඊමේල්) ප‍්‍රසිද්ධියට පත්විය. ඒ අනුව බින් ලාඩන්ට ඉස්ලාමිය ආගමානුකුල ගෞරවනීය භුමදානයක් දුන් බව එම ලිපි කියයි.
2011 මැයි මස 1 වෙනි දින පකිස්තානයේ අබෝටහාඞ් හිදි ඇමෙරිකා නාවික හමුදා විශේෂ භට කණ්ඩායමක් විසින් සිදුකැරුණු මෙහෙයුමකින් බිල්ලාඩන් ඔහු සිටි නිවසේදීම වෙඩි වැදී මරුමුවට පත්විය. මෙම සිදුවීම සජීවිව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඇතුළු රජයේ උසස් නිලධරයෝ ඔහුගේ නිල කාමරයේ සිට බලා සිටියහ.
රහස්‍ය යනුවෙන් සඳහන් කොට 2011 මැයි 2 වැනි දින යවා ඇති දැනට එළිවී ඇති ඊමේල් ලිපියක සඳහන්ව ඇත්තේ බින්ලඩාන් ගේ සිරුර ආගමානුකූලව සෝදා පිරිසිදුකර සුදු වස්ත‍්‍රයකින් ඔතා කිසියම් බරක් යෙදු මල්ලක තැන්පත්කර මුහුද මැදට අත්හල බවයි.
කලින් පිළියෙල කැරුණු පාඨයක්, අරාබි භාෂාවෙන් කියවන ලද බවත් මෙම අවස්ථාව වෙනත් කිසිවකු නොදුටු බවත් ඡායාරූප හෝ වීඩියෝ රූප නොගත් බවත් එහි දක්වා ඇත. බින්ලාඩන්ගේ භූමදානය සිදුකර ඇත්තේ කාල් විල්සන් නම් වූ සුවිසාල යුදනැවේදීය. ඊට සම්බන්ධවූ දෙතුන් දෙනා හැර අනෙකුත් නැවියන් කිසිවකුට එය දැකගැනීමට ලැබී නැත. පසුගියදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයට දින කිහිපයකට කලින් බින් ලාඩන් මරාදැමීම අලලා නිෂ්පාදනය කැරුණු වෘත්තාන්ත චිත‍්‍රපටයත් ඇමෙරිකානු රූපවාහිනි නාලිකාවලින් විකාශනය විය.
එමගින් බරක් ඔබාමාට අසාධාරණය වාසියක් ලැබුන බව ඔහුගේ විරුද්ධවාදිහු චෝදනා කළහ.
ඔසාමා බින් ලාඩන්
ඔසාමා තම නිවසේ සිට රූපවාහිනිය නරඹයි
ඔසාමා සිටි නිවසේ ඇතුළත
ඔසාමා සිටි නිවස ප‍්‍රහාරයෙන් පසු
බින්ලාඩන් සිටි නිවාසය. ඇමෙරිකා ඔත්තු සේවයේ පින්තුරයක්
බින්ලාඩන් සිටි නිවාසය. ඇමෙරිකා ඔත්තු සේවයේ පින්තුරයක්
ප‍්‍රහාරයේදී ඇමෙරිකා හෙලිකොප්ටරයක් විනාශ විය.
කාල් වින්සන් නම් වූ සුවිශාල යුද නැව
බින්ලාඩන් මරා දැමූ අන්දම බාලා සිටින බරක් ඔබාමා ඇතුළු කණ්ඩායම
No comments:
Post a Comment